2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි.
ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්රතිසංස්කරණ කඩිනමින් ක්රියාත්මක කළ යුතු බවයි නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
මෙම වැඩපිළිවෙලේදී රට පළමුවට තබා කැපවී සිටින සැමටත්, රටේ ආර්ථිකය ස්ථාවර කරන තීරණාත්මක ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු ශ්රී ලාංකික ජනතාවට තමාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන බවද ජනාධිපතිවරයා පවසයි.
,
