Spread the love

ඉදිරි දින කිහිපය තුළ ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීමට හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසයි.

දැනට ඇමෙරිකා එක්සත් ජනපදය සහ තවත් රටවල් කිහිපයකින් ලබාදී තිබෙන අවවාදාත්මක පණිවිඩ ඉවත් කර ගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බවයි අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තානාපති කාර්යාල මේ වන විටත් සෑහීමකට පත්ව ඇති බවත් ගත යුතු සෑම පියවරක්ම මේ වන විට ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.

මේ තත්ත්වය පාවිච්චි කර අනවශ්‍ය බියවැද්දීම්, දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේ.