Spread the love

ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩල පත්කරයි.

ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඩබ්. ප්‍රින්ස් සේනාධීර පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, එම්. ඩී. මහින්දපාල, ඩබ්. ජී. ටිතිර වික්මල්, නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම්. එස්. කේ. ජේ. බණ්ඩාර, බී. එන්. දම්මින්ද කුමාර හා වයි. අයි. ඩී. ගුණවර්ධන පත්කර ඇති බවයි සඳහන්.

එසේම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිවරයා ලෙස එස්.එම්. සමන් සමරකෝන් පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය කේ. එස්. වන්නිආරච්චි, ආචාර්ය ඒ. එම්. එස්. අතපත්තු, ඉංජිනේරු ඩී. එස්. කේ. එස්. ජයලත්, එම්. කේ. ප්‍රසංග චතුරංග, පී.ඩබ්. ඩී. තිසරංගනි පෙරේරා, ජී. එච්. වයි. මංජුල සිරිසෝම, ජෙයචන්ද්‍රමූර්ති රජීවන්, ආචාර්ය එම්. කේ. ද පැස්කුවෙල් හා අයි. ජී. සුලක්ඛනා කුමාරි පත්කර තිබේ.