Spread the love

අධික වැසි සමග ඇති වූ ආපදා වලින් දිස්ත්‍රික්ක 13 කට බලපෑම් එල්ල වී ඇති බැවින්පවුල් 40,758 කට අයත් පුද්ගලයින් 159,511ක් අවතැන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සුරක්ෂිතතා මධ්‍යස්ථා​න 80 ක් මේ වනවිට ක්‍රියාත්මක අතර ඒවායේ පවුල් 2,433 කට අයත් පුද්ගලයින් 10,361 දෙනෙකු රඳවා සිටින බවයි සඳහන් වෙන්නේ.

ඇති වූ ආපදා තත්ත්වයන් හමුවේ, මේ වනවිට පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.