Spread the love

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පිසූ ආහාර සහ වියලි ආහාර ලබා දීමට පවුලක් වෙනුවෙන් මීට පෙර ලබා දුන් මුදල 33%කින් ඉහළ නැංවීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
ආපදා කළමනාකරණ විෂය භාර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මීට අදාළ ඉල්ලීම කර තිබූ අතර ඊට ජනාධිපතිවරයා විසින් කඩිනමින් අනුමැතිය ලබා දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මීට අමතරව පීඩාවට පත් ජනතාව වෙත තව දුරටත් සහන ලබා දිම සඳහා ඉල්ලා තිබූ අතිරේක මුදල් ද ක්ෂණිකව දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදා හැරීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.