Spread the love

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ලිහිල් කිරීමක් කළහොත් ඩොලරයේ වටිනාකම ඉහළ යනු ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
එසේ ඩොලරය ඉහල යාමත් සමග භාණ්ඩ මිල වැඩිවීමක් ඉදිරියේදී සිදු වනු ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය.

ඩොලරයේ වටිනාකම අඩු වීමට සාපේක්ෂව මේ වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වල මිල ගණන් අඩු වී ඇතැයි ද පැවසු ඔහු ඩොලරයේ සැලකිය යුතු අඩු වීමක් සිදු වී නැති බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරි උත්සව සමය සඳහා ප්‍රමාණවත් වන ආහාර තොග වෙළඳ පොලේ ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.