Spread the love

සහකාර පොලිස් අධිකාරිවරයකුට ඔහුගේ ගමට පත්වීමක් දීමේ අරමුණෙන් අනුරාධපුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා මන්නාරමට මාරු කර යැවීමේ සිද්ධියට ආණ්ඩුවේ දේශපාලනඥයකු මැදිහත් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට දුන් නිර්දේශ මත එම ස්ථාන මාරු ක්‍රියාත්මක වී තිබේ.

පොලිස් අධිකාරි ආර්. එස්. ධර්මදාස අනුරාධපුර කොට්ඨාසයේ සිට මන්නාරම කොට්ඨාසයටත්, සහකාර පොලිස් අධිකාරි පී. එල්. විතාන මන්නාරමේ සිට අනුරාධපුරයටත් මාරු කර ඇත.

ඊට අමතරව පොලිස් අධිකාරි එම්. ගුණවර්ධන මහනුවර කොට්ඨාසයේ සිට ගම්පොළ කොට්ඨාසය වෙතත්, සහකාර පොලිස් අධිකාරි සී. ඒ. පුල්වංශ හලාවත කොට්ඨාසයටත් මාරු රක තිබේ.

පොලිස් නිලධාරියකු විශ්‍රාම ගැනීමට වසර දෙකක් තිබියදී තමන් පදිංචි ප්‍රෙද්ශයට පැමිණීමට අවසර ඇතත් මෙම පත්වීම රජයේ දේශපාලන ප්‍රබලයකුගේ ඉල්ලීම මත කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ ය.