Spread the love

ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ප‍්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

පසුගිය වසර පුරාම මහා භාණ්ඩාගාරයට ලැබී ඇත්තේ රුපියල් ත්‍රිලියන තුනක් පමණක් බවත් ඉන් ට‍්‍රිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවක වැටුප් ආදිය ගෙවීමට වැයවූ බවත් හෙතෙම පැවසීය.

රට තුළ ගෙන ඇති ණය වලට පොලිය සදහා ට‍්‍රිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් ගෙවීමට ඇති බවත් එ් අනුව ඉතිරි වියදම් පියවාගෙන ඇත්තේ ණය ලාබාගෙන බවත් ඒ මහතා සදහන් කරයි.

එ් අනුව විදේශයන්ගෙන් ලබාගත් ණය ගිවිසගත් ආකාරයට නොගෙව්වහොත් ලංකාව දවසක්වත් පවත්වාගෙන යන නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

මාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.