Spread the love

මුහුණට කොට්ටයක් තබා හුස්ම හිරකර තම මිත්තණිය ( මවගේ මව ) ඝාතනය කර ඇයගේ ගෙල බැදි රන්මාලය පැහැරගෙන උගස් තැබූ බව කියන බෙලිඅත්ත නිහිලුව ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසැල් සිසුවෙකු (26) සවස අත් අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි
ඉකුත් දෙසැම්බර් 30 දා බෙලිඅත්ත ,නිහිලුව ප්‍රදේශයේ නිවසක් බිද රුපියල් 4,30000 (හාරලක්ෂ තිස්දහසක්) වටිනා රන්බඩු සොරකම් කිරීමේ සිදුවීමකට සැකපිට මෙම පාසැල් සිසුවා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය හෙලිවූ බව පොලිසිය පවසයි . මෙලෙස ඝාතනය කර ඇත්තේ බෙලිඅත්ත නිහිලුව පදිංචි වීරප්පුලිගේ පුංචිහාමි නමැති 70 හැවිරිදි වියපත් මවකි. ඉකුත් 17 දා සැකකාර පාසැල් සිසුවා සිය මිත්තණිය සමග නිවසේ තනිවම සිට ඇති බවත් ඇය ඝාතනය කර රන්මාලය කොල්ලකෑ ඔහු ආච්චි හුස්ම නොගන්නා බව දුරකථන ඇමතුමක් දී මවට පවසා ඇතැයි පොලිසිය පවසයි .
පසුව මා පියන්ගේ උපදෙස් පරිදි පොලිස් හදිසි ඇමතුම් අංශය (1919) අමතා සිද්ධිය ගැන දැනුම්වත් කිරීමටද සැකකරු කටයුතු කර තිබේ . පසුව මියගිය කාන්තාව පරීක්ෂා කල පොලිස් හදිසි ඇමතුම් අංශයේ නිළධාරින් ඇය මියගොස් ඇති බව පවසා තිබේ . පශ්චාත් මරණ පරීක්ෂණයක් හෝ නොපවත්වා ඉකුත් 17 දින පවුලේ සුසාන බූමියේදී ඇය මිහිදන් කර ඇතැයි පොලිසිය පවසයි . සැකකාර පාසැල් සිසුවා පැහැරගත් රන්මාලය ඔහුගේ මිතුරෙකු ලවා උගස් කර ඇති බවත් රන්මාලය උගස් තැබූ අය මේ වනවිට මුහුදු රැකියාවේ ගොස් ඇතැයි අනාවරණය වූ බව පොලිසිය පවසයි . අත් අඩංගුවට ගත් පාසැල් සිසුවා සහ ඔහුගේ මිතුරෙකු (27) තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 06 දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කර තිබේ .

අධිකරණයේ නියෝග පරිදි (29) දහවල් මෘතදේහය ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවද පොලිසිය පැවසීය . තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ උපදෙස් පරිදිඅපරාධ අංශය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .