Spread the love

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 23 වනදා සිට ජූනි මස 01 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අදාළ පාසැල් අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් අදාළ විදුහල්පත්වරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ අයදුම්පතේ සඳහන් ලිපියනට ද තැපැල් මගින් යොමු කර තිබේ.

මේ මස 12 වන දිනට පෙර විභාග ප්‍රවේශපත්‍ර නොලැබුණු පාසැල් සහ පෞද්ගලික අයදුම්කරුවන් ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුෙවේ විමසිය යුතු අතර ප්‍රවේශ පත්‍රයේ ඉල්ලුම් කර ඇති විෂයන්, මාධ්‍යය සහ නමෙහි යම් වෙනසක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ සංශෝධන මේ මස 14 වන දිනට පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස සංශෝධනය කර ගත හැකිය.

විභාගයට අදාළ කාලසටහන ද එම වෙබ් අඩවියේ ඇතුළත් කර ඇත.