Spread the love

තත්ත්වයෙන් බාල ඖෂධ නැතැයි පවසමින් සාපරාධි සමූල මිනිස් ඝාතනයන්ට අනුබල දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි” යැයි කියමින් විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා මරදාන පොලිසියට පැමිණිලි කර ඇත.

තත්ත්වයෙන් බාල ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකය හරහා මෙරට රෝහල් පද්ධතියට බෙදා හැරීමට කටයුතු කළ දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස ඒ සම්බන්ධව වගකීම දැරිය යුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ සජිත් ගුණසේකර ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට සාපරාධී මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම යටතේ අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශනයක් ආරම්භ කරන ලෙස ද වෘත්තීය හා සිවිල් සංවිධාන එකමුතුව සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්විය හැකි පරිදි ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් නීති රීති වෙනස් කිරීම නිසා ඉතා බරපතළ ලෙස තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වා ඇති බවත් එය මිනිස් ජීවිත චේතනාත්මකව සමූල ඝාතනයට අනුබල දීමක්ද වන බවත් එබැවින් කඩිනමින් මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම මෙරට ජනතාවට යුක්තිය ඉෂ්ට කිරීමක් වනු ඇති බවත් සිවිල් සංවිධාන එකමුතුව වෙනුවෙන් විශේෂඥ වෛi ජී.ජී. චමල් සංජීව මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර සිටී.