Spread the love

අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිපති පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති අතිපූජ්‍ය වේඩරුවේ ධර්මකිර්ති රතනපාල ශ්‍රී උපාලි නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය සදහා ජනාධිපතිවරයාගේත්, අග්‍රාමාත්‍යවරයාගේත් සමස්ථ රජයේත් සුභාශිංසන එක් කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (29) කටයුතු කළේය.
මහනුවර අස්ගිරි ගෙඩිගේ විහාරය වෙත ‍ගොස් පළාත් ආණ්ඩුකාරවරයා විසින් නාහිමිපාණන්වහන්සේ වෙත මෙලෙස සුභාශිංසන එක් කිරී‍මට කටයුතු කළ අතර, අනතුරුව වේඩුරුවේ 2024/2025 ප්‍රතිපාදන යටතේ වේඩුරුව ගෝනගලතැන්න වැව ආශ්‍රිත ප්‍රදේශය කේන්ද්‍රකරගෙන වාරිමාර්ග දෙපාර්තමේන්තු සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක් ව සංවර්ධන සැලැස්මක් යටතේ සිදුකරමින් පවතින බවත්, පසුගිය වර්ෂා කාලයේදී ආපදාවට ලක් වු වේඩුරුව මාර්ගය කඩිනමින් සංවර්ධනය කිරීමට අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන් බවත් ඒ අනුව එම කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බවත් මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා විසින් අනු නායක ස්වාමීන්වහන්සේ වෙත ප්‍රකාශ කර සිටියේය.