Whatsapp ඔස්සේ අසභ්‍ය ඡායාරූප, ලිංගික දර්ශන හා හඬපට යොමුකරමින් කාන්තාවන් කිහිපදෙනෙකුට අයුතු ලිංගික යෝජනා හා හිරිහැර සිදුකළ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරුව ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත ලද පැමිණිවලට අනුව සිදුකළ විමර්ශන අනුව මෙම සැකකරු අවුරුදු 49 හැවිරිදි පණ්ඩුලගම, අනුරාධපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාවන් තම යතුරුපැදි අළුත්වැඩියා කරගැනීම සඳහා සේවා ස්ථානයකට ගිය අවස්ථාවේ එහි හිමිකරු විසින් මෙම කාන්තාවන්ගේ දුරකථන අංක ලබාගෙන මෙලෙස ක්‍රියා කර ඇති බවය.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.