Spread the love

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු සඳහා ශක්තිමත් පිළිතුරක් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදී ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

ඇති වී ඇති වියවුල් සහගත තත්ත්වය ක්‍රමාණුකූලව විසඳීම සඳහා ශක්තිමත් ක්‍රියාකාරකම් රැසක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ඉදිරිපත් කර ඇති බවයි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්මන්ත්‍රී තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉවතට, බදු ක්‍රමයේ වෙනස්කම්.,සියලුදෙනාට විශ්‍රාම වැටුපක්අමාත්‍ය ධුර 25කට සීමා කිරීම, ප්‍රශස්ථ ජනමාධ්‍ය භාවිතයක්. සොරාගත් රාජ්‍ය වත්කම් අයකරගැනීමට ක්‍රමවේද.පොලීසියේ වැටුපට ලොකු වෙනසක්,

එය නම් කර ඇත්තේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.

එමගින් ඔවුන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකා ඇති අතර, එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විද්‍යාව හා තාක්ෂණය සඳහා වැඩි ඉඩක් ලබා දී ඇත.

රට තුළින් සොයාගත හැකි ස්වාභාවික සම්පත්, වෘත්තිය හා පුහුණු ශ්‍රම සම්පත්, ඛනිජ සම්පත්, තොරතුරු හා මෘදුකාංග තාක්ෂණය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්ම, සාගර සම්පත් මෙන්ම නිර්මාණශීලි කර්මාන්ත වැනි කේෂ්ත්‍රයන් කෙරෙහි එහි අවධානය යොමුකර ඇත. 

නිෂ්පාදන ආර්ථිකයක් සැලසුම් කිරීමේ සිට ප්‍රතිලාභ බෙදීයාම දක්වා වූ ක්‍රියාවලියේදී සියලු ජාතිකයන්ට එහි කොටස්කරුවන් කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රධාන කොටස් 4ක් යටතේ නිර්මාණය කර ඇත. එහි පිටු 230ක් අඩංගුය.