තමන් අවුරුදු 43 ක් මුළුල්ලේ හදාගත් නම දේශපාලනය හේතුවෙන් අවුරුදු දෙකකින් විනාශයට පත් වූ බවයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න පැවසුවාය.
එම නිසා තමන් තවදුරටත් දේශපාලනයේ නිරත නොවන බවද වැඩි දුරටත් පැවසුවාය.
තමන් තවදුරටත් කලාකාරිනියක් පමණක් බවත්, දේශපාලනයේදී තමන් රැවටීමට ලක්වූ බවයිඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.