Spread the love

වයස අවුරුදු 13ක පිරිමි දරුවකුට ලිංගික අතවර කළ බව කියන චීවරධාරියකු ඇහැටුවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, බෝගස්වැව ප්‍රදේශයේ රාජමහා විහාරයක වැඩ වාසය කරමින් සිටි චීවරධාරියකු බව වාර්තා වේ.

සැකකාර චීවරධාරියා වැඩ වාසය කරන විහාරස්ථානයේ සිටින පිරිමි දරුවකු බරපතළ ලෙස ලිංගික අතවරයන්ට මුහුණ දෙන බවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට තොරතුරක් ලැබී ඇත.

එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය ඇහැටුවැව පොලීසියට දැනුම් දී ඇති බව සඳහන්ය.

ඒ අනුව ඇහැටුවැව පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරු ව සැකකාර චීවරධාරියාව අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට පත් දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.