Spread the love

”මේක මගේ පුද්ගලික මතය. මේක වෙනස් වෙන්න පුළුවන් කෙනාගෙන් කෙනාට. කෙනාගේ සිටුවේෂන් එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්.

හැබැයි මම විශ්වාස කරනවා අපි අවුරුදු 10ක් යාළුවෙලා ඉඳලා කසාද බැන්දත් විවාහ වුණ ගමන් දරුවෝ හදන්න එපා,මොකද අපි යාළුවෙලා ඉන්න කාලේ වගේ නෙවේ දෙන්නෙක් එක වහලක් යටට ආවට පස්සේ. දෙන්නගේ රුචි අරුචිකම් හැමදේම සමීපව ක්ලෑෂ් වෙන්න ගන්නවා.

මොකද මට තාම මතකයි මමයි මහත්තයයි බැඳපු ගමන් ගියා වෙනම ගෙදරකට මුල් මාස හයේ. එහෙම ගිහින් අපි දෙන්නා හැමදාම රණ්ඩු වෙනවා.

මොකද එක්කෝ අරයා කොහේ හරි ඇඳුම ගලවලා දානවා, මට ඒක හරියන්නේ නෑ. නැත්නම් මම තව මොකක් හරි දොර ඇරලා ඇවිල්ලා ඒකට රණ්ඩු.

මං මේ කියන්නේ ගේ ඇතුලේ වෙන පොඩි පොඩි රණ්ඩු. මේ අවංකවම කියන්නේ එක පාරක් රණ්ඩු වෙලා මං මගේ මගුල් මුද්ද ගලවලා විසික් කළා, එහෙම රණ්ඩු අපි දෙන්නගේ ගියා, දැන් අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 15ක්. මං මේ කියන්නේ මගේ අත්දැකීම් මේ විවාහ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන….”