Spread the love

උත්සව සමයේ රථ වාහනය පාලනය සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරින් පිරිසක් රාජකාරියේ යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ පමණක් නිලධාරින් 2000 ක් පමණ රාජකාරියේ යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එසේම අවුරුදු සමයේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 1000 ට ආසන්න පිරිසක් යොදා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.