නිමල් රාජපක්ෂ-
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවනේ දිවයින පුරා ඇති සියළුම සුරාසැල් මේ මස 13 හා 14 යන දෙදින වසා තබන බව සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.
නමුත් අදාල දෙදින තුළ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරුපංති 3 හා විශේෂ රාබි 07 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍රලත් ස්ථානවල නේවාසිකව රැදි සිටින සංචාරකයින් සදහා පමණක් මත්පැන් නිකුත් කිරීමට අවසර ලබාදෙන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි. .
අදාල කාලසීමාව තුළ මත්පැන් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගැනීම සදහා පැය 24 පුරාම 1913 මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක බැවින් තොරතුරු වෙතොත් අදලා දුරකථන අංකයට දැණුම් දෙන ලෙස ජනාතාවගෙන් ඉල්ලා සිටි.
මීට අමතරව අදාල කාල සීමාවතුළ බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මත්පැන් අලෙවි කල හොත් තරා තිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා වැඩි දුරටත් පැවසුවේය.