Spread the love

පැවැත්වීමට නියමිත මැයි රැළි ආවරණය කිරීම සඳහා නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසයි.

එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ.

මෙම නීතිය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ බව වැඩිදුරටත් සඳහන්.