Spread the love

නවතම ජනමත සමීක්ෂණයක් අනුව සමගි ජන බලවේගය ඉදිරියෙන් සිටින බව හෙළි වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා සඳහන් කරයි.

එම සමීක්ෂණය අනුව සමගි ජනබලවේගය 39%ක් හා ජාතික ජන බලවේගයට 20%ක් ලබාගෙන ඇති අතර සියයට 24ක් තීරණයක් ගෙන නැති බවත් ඔහු පැවසීය.

දැනට තීරණයක් නොමැති කණ්ඩායමෙන් වැඩි පිරිසක් එන්නේද ජයග්‍රහණය කරන පාර්ශවයට බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොලොන්නාව ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.