Spread the love

පවතින අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස දිවයින පුරා කිලෝමීටර් 7000 අලි වැට ඉදිකිරීම මේවන විට ක්‍රියාත්මක බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් කිලෝමීටර් 5100 ප්‍රමාණයක් මේ වනවිට ඉදිකර තිබේ.

මේ මස අවසන් වනවිට කිලෝමීටර් 7000ක ප්‍රමාණයක් අලි වැට ඉදිකිරීමට නියමිතයි.

අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 169 දෙනෙකු මියගොස් තිබේ.

එම කාලය තුළ අලි ඇතුන් 449 දෙනෙකු මියගොස් ඇතිබව එම දෙපාර්තමේන්තුව පවසයි.

වෙඩිතැබීම් වලින් අලි ඇතුන් 81ක්,විදුලි සැරවැදීමෙන් 60,හක්කපටස් මගින් අලි ඇතුන් 44 දෙනෙකු මියගොස් තිබේ.

දුම්රිය අනතුරුවලින් අලි ඇතුන් 22 මියගොස් ඇතිබව වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.