Spread the love

සූරියවැව වැවේගම රක්ෂිතයේදි අලියෙකු පහරදීමෙන් ගව පාලකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සූරියවැව පොලිසිය පවසයි .

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සූරියවැව ,මහවැලිකඩ ආර, අංක 102/01 ලිපිනයේ පදිංචිව සිටි චින්තක ප්‍රසාද් නමැති 37 හැවිරිදි විවාහකයෙකි .
ඊයේ (11) සවස 2.30 ට පමණ ගවයින්ට තණ කැවීම සදහා ගව රංචුව රැගෙන පිටව ගොස් ඇති අතර රාත්‍රි 7 පමණ වනතුරු නැවත නොපැමිණී නිසා සොයා බැලීමේදී ගවයින් දිගේලි කරන ප්‍රදේශයේ තිබී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව සිටි ගව පාලකයාගේ මළසිරුර ප්‍රදේශවාසීන්ට හමුවී ඇතැයි පොලිසිය පැවසීය .

සූරියවැව පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .