Spread the love

අල්ලස් ගෙන වරදකරුවු ග්‍රාම නිලධාරියෙකුට අධිකරණය මගින් අත්හිටවූ සිරදඬුවමක් සහ දඩයක් නියම කර තිබේ.

ඒ විදේශගත වීමකට අදාළව පදිංචි සහතිකයක් නිකුත් කරවා ගැනීම සඳහා රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ අදාළ ග්‍රාම නිලධාරියා ඉන් රුපියල් 10,000ක් භාරගැනීම සම්බන්ධව අත්අඩංගුවට පත්වූ බවය.