ගාළු මුවදොර අරගල සමයේදී දේපළ හානි වූ මැති ඇමතිවරුන් ලබා ගෙන තිබෙන වන්දි මුදල් ඔවුන් ඉදිරිපත්කර තිබෙන වත්කම් බැරකම් ප්‍රකාශ සමඟ ගැලපෙන්නේ ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකල යුතු බව ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඉහළ වටිනාකමක් තිබුණු ඔවුන්ගේ එම දේපළ රක්ෂණය කර තිබුණේ ද නැද්ද යන්න පිළිබදව ද රක්‍ෂණ සමාගම් විසින් හෙලි කල යුතු බවත් ඒ මහතා සදහන් කලේය.
මෙම දේපල සම්බන්ධයෙන් ඉදිරියේදී අල්ලස් කොමිසම හමුවේ තොරතුරු ඉදිරිපත් කල යුතු වනු ඇති බවත් ඒ මහතා පැවසුවේ මහනුවරදී මාධ්‍ය අමතමිනි.