Spread the love

දිවයිනේ අද (18) පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුකර වැටලීම් 02කින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18 මිලිග්‍රෑම් 07 සමඟ පුද්ගලයන් 02 අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පෑලියගොඩ සහ කැලණිය පොලිස් වසම්වල ද මෙම වැටලීම සිදුකර තිබේ.
වැටලීම් වලින් වයස අවුරුදු 38 සහ 36 වයස් වල පසුවන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අද එ ඒ ප්‍රදේශ වල මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එම වැටලීම් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.