Spread the love

ගාල්ල -විජේසිංහ

අයිතිකරුවන් නොමැති මළ සීරුරු හතරක් ඇල්පිටිය මුලික රෝහල් මෘත ශරීරාගාරයේ ශීතකරණවල දමා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. එහි එක් මළ සිරුරක් වසරක් පැරණි බවද පැවසෙයි.
මොවුන් මිය යන්නට පෙර කිසිවකුත් රෝහලට බාර නුදුන් බවත් සුව සැරිය ගිලන් රථවලින් ගෙනත් බාරදුන් රෝගීන් බවත් වාර්තා වෙයි.මෙම මළ සීරුරු හදුනා ගැනීමට ජනතාව ඉදිරිපත් වන්නේ නම් භූමදාන කිරීිමට ඉතා පහසුවනු ඇත. එසේ නොපැමිනෙන්ණේනම් මෙම මළ සිරුරු භුමදාන කිරීම පීළිබදව බලධාරින්ගේ අවධානය යොමු විය යුතු වෙයි.