Spread the love

දින ගණනාවක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ගඟ පිටාර ගැලීම නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයටත්, මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ටත්  අඛණ්ඩව වර්ෂාව ඇදහැලෙන අතර, ඒ හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පූජා භූමියට ගමන් ගන්නා සුංගාවිල – සෝමාවතිය මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

අද (16) උදෑසන සිට එම මාර්ගයේ සැහැල්ලු රථ වාහන ධාවන කටයුතු නවතා දැමීමට කටයුතු කළ බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි

අදාළ මාර්ගය භාවිත කරන ජනතාව ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසටයි වැඩිදුරටත් දැක්වෙන්නේ.