Spread the love

නාගොඩ සුමන

පැවති අයහපත් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
ඒ අනුව ආරක්ෂිත ස්ථාන වල සිටි පුද්ගලයන් තම නිවාස වෙත යමින් ඇතිබව පැවසීය.
ජලයෙන් යටවු නිවාස පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව එහිදී පැවසීය.
මේ අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (25) උදෑසන 06.00 වනවිට දිස්ත්‍රික්ක 18 අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 95 පවුල් 27751 ක අයත් පුද්ගලයන් 92471 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව ඇතිබව ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
කිලිනොච්චිය ,අනුරාධපුර ,කුරුණෑගල ,මොණරාගල ,මන්නාරම ,නුවරඑළිය ,වව්නියාව ,යාපනය,අම්පාර ,ත්‍රිකුණාමලය ,පොලොන්නරුව ,මඩකලපුව ,බදුල්ල ,රත්නපුර ,හම්බන්තොට, කෑගල්ල,පුත්තලම සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවී තිබේ.
ඒ අනුව ජල ගැලීම්,තද සුළං, ගංවතුර, ගස් හා කණ්ඩි කඩා වැටීම හේතුවෙන් එම ආපදා සිදුව තිබේ.
වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයටයි.
එම දිස්ත්‍රික්කයේ පවුල් 11025 පුද්ගලයන් 35800 පීඩාවට පත්ව තිබේ.
ආරක්ෂිත ස්ථාන 10ක් තුළ පවුල් 142 අයත් පුද්ගලයන් 438 දෙනෙකු රඳවා සිටියී.
ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ.
අර්ධ නිවාස හානි 320ක් සහ පූර්ණ නිවාස හානි 01ක් වාර්තා වී තිබේ.
ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.
තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්ය මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.