Spread the love

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් 03ක පවුල් 1275කට අයත් පුද්ගලයන් 5051 දෙනෙකු මෙලෙස පීඩාවට පත් ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි

රත්නපුර, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්වලට, පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.

වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කළුගඟ, ගිංගඟ සහ නිල්වලා ගඟෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් ද හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, වර්ෂාපතන තත්ත්වය තවදුරටත් පවතින බැවින් දිවයිනේ දිස්ත්‍රික් 08කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

අද (01) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්වලත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.