Spread the love

තාක්ෂණයේ දියුණුවත් සමඟ කෘතිම බුද්ධිය යහපතට යොදාගන්නා ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවත් එය අයහපතට යොදාගන්නා පුද්ගලයින්ට දැඩි දඬුවම්දීමේ සීමාවන් පැනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසයි.

කෘතිම බුද්ධිය ජාතික ආරක්ෂාවට සහ කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා හොඳින් යොදාගත හැකි බවත් Deepfake හරහා විවිධ පුද්ගලයින් කෘතිම බුද්ධිය අයහපතට යොදා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

කෘතිම බුද්ධියට හැගීම් නොමැති බවත් ලෝකයේ 30% කට පමණ කෘතිම බුද්ධිය නිසා රැකියා අහිමිවී ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එසේම කෘතිම බුද්ධිය හරහා ළමයින්ගේ නිර්මාණ ශීලීත්වයට බලපෑම් එල්ල වන බවත් තමන් ඒ කාලයේදී ගැහැණු ළමයින්ට කවි ලියූ බවත් වර්තමානයේ කෘතිම බුද්ධියෙන් එවැනි නිර්මාණ කළ හැකිද යන්න ගැටලු සහගත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර වැඩිදුරටත් සඳහන් කළේ.