නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස පසුගිය රජයන් සමයේ උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට අප්‍රියේල් 8 වැනිදින ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගයේ චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා පවසයි.
එම පනත තුළින් මෙරට රාජ්‍ය දේපොළ, රාජ්‍ය මුදල් අයථා ලෙස ලබාගෙන පරිහරණය කරන පුද්ගලයින්ගේ ඕනෑම දේපොළක් නීත්‍යානුකුලව අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ලබාගැනීමට හැකිවන බව චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.