Spread the love

පහතරට අමු තේ දළු කිලෝග්‍රෑම් 01 මිල ඉදිරියේදි යළි ඉහළ යනු ඇතිබව තේ කර්මාන්ත ශාලා හිමියන් පවසයි.

පසුගිය මාසයට සාපේක්ෂව මෙම මාසයේ අමු තේ දළු කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 05 ආසන්න අගයකින් ඉහළගොස් තිබේ.

ඉදිරියේදී තවදුරටත් අමු තේ දළු මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතිබව තේ කර්මාන්ත ශාලා හිමියන් පවසයි.

පහත රට තේ සඳහා ලෝක වෙළඳ පොළේ පවතින ඉහළ ඉල්ලුම ඊට හේතුවී තිබේ.

පසුගිය මාසයේ අමු තේ දළු කිලෝග්‍රෑම් 01 සඳහා රුපියල් 217 මුදලක් ගෙවිය.