Spread the love

2025.04.17 වන දින රාත්‍රී කාලයේ ආණමඩුව පොලිස් වසමේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී රිය අනතුරකට ලක්ව ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

2025.04.15 වන දින ප්‍රදේශයේ වෙළඳසැලක් අසලදී මරණකරුට එම ප්‍රදේශයේම පුද්ගලයින් දෙදෙනෙකු විසින් පහරදීමක් සිදු කර ඇති බැවින් මෙම මරණය සැක සහිතබවටත් ආණමඩුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මරණකරු වයස අවුරුදු 25 ක් වූ කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ආණමඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙය රිය අනතුරකින් සිදු වූ මරණය ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.