වෘත්තීය සමිති භාවිතා කර ජනතාව උසිගන්වා, කර්මාන්ත ශාලා වසා දැමීමට කටයුතු කිරීමට විපක්ෂය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සතුටට පත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි..
විපක්ෂය එවැනි දේශපාලනයක් සිදු කිරීමට කටයුතු නොකරන බවත්, විපක්ෂයේ ‘හයිය’ නියම වේලාව පැමිණි විට පෙන්වීමට කටයුතු කරන බවයි අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
අමෙරිකාව කෙතරම් බදු ගැසුවද, මෙරට ආර්ථිකය ආරක්ෂා කළ හැකි බවට වන ‘හයිය’ ආණ්ඩුවේ සිටින 159 දෙනා පෙන්නුම් කළ යුතු බවද, ඒ සඳහා උදව් කිරීමට තමන් සූදානම් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම ගැටලුව විසඳීමට නම්, යම් බදු සහනයක් ලබාදීමට කටයුතු කළ යුතු බවත්, මෙම ගැටලුව ආයෝජකයාට බලපෑමක් නොවූවද, බලපෑම එල්ලවන්නේ මෙරට රැකියා වෙළඳපොළට බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.