Spread the love

බොහෝ රටවල ආර්ථිකය අඩපණවී රාජ්‍ය සේවකයන් ගෙදර යවද්දී අපේ රටේ එහෙම වෙන්න දුන්නේ නෑ. රාජ්‍ය සේවක වගකීම ඉෂ්ට වෙන්නට ඕනේ ජනතාව වෙනුවෙන්’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය දෙමහල් ගොඩනැගිල්ල පොදු ජන අයිතියට පත් කිරීම පේමඩුවේදී සිදුකළ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රමාත්‍යවරයා –

“අපේ ඉතිහාසයේ කියැවෙන්නේ, අපේ ඉතිහාසය පෝෂණය වන්නේ, ශතවර්ෂ ගණනාවකට පෙර මේ ප්‍රදේශවලින් දායාද වුණු ඉතිහාසයයි. අපේ රටට ලොවත් සමග අසමසම ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන්නට පුළුවන් වුණේ මේ ප්‍රදේශවලින් දායාද වුණු මහා ශිෂ්ටාචාරයයි.

ඉතා අමාරු කාලපරිච්ඡේදයක අපට රටේ වගකීම බාරගන්නට සිද්ධ වුණා. නොයෙක් නොයෙක් සංඛ්‍යාලේඛන විවාද වර්තමානයේ විතරක් නෙවෙයි ඉතිහාසයේත් සිදුවෙන දෙයක්. කිසිම ගණිත ශාස්ත්‍රයක් ඒකාකාර විදියට දියුණු වෙලා නැහැ. වාද විවාද, පසුබෑම්, වැරදීම්, සිදුවෙලා ඉදිරියට යනවා. ජනාධිපතිතුමා සහ රජයට පුළුවන්කම ඇතිවුණා, රටේ ආර්ථිකය අවුලකින් අවුලට යන්නැති වෙන්න ස්ථාවර කරන්න. රටේ නීතිය ස්ථාපිත කළා. ලෝකයේ රටවල් අතරින් ස්ථාවර රජයක් තිබෙන රටක් බවට යළිත් පෙන්නුම් කළා. මේ ක්‍රම මතයි ලෝකය අපිත් එක්ක ගනුදෙනු කරන්නේ, සලකන්නේ, පිළිගන්නේ හැමදේම කරන්නේ. නීතිය අර්ථ නිරූපණය කළ හැකි වෙලාවට එය අර්ථ නිරූපණය විය යුත්තේ ජනතා යහපතටයි.

මෙතන ඉන්න ගොවිජනතාව එදා ඇතිවුණු අර්බුදයේදී හිටපු තත්ත්වය මම අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගොවි ජනතාව බොහෝ දේ ඉල්ලා සිටියා. එදා මේ ගොවි ජනතාව ඉල්ලු වැඩපිළිවෙල සහ ඇතිවුණු ගැටලුව යළිත් දියුණුව කරා හරවා ගන්නට ආණ්ඩුව ගොවි ජනතාව කෙරෙහි විශ්වාසය තිබ්බා. ගොවි ජනතාවට අහරින් අතිරික්තයක් නිෂ්පාදනය කරලා, අපේ රටේ ආහාර ප්‍රශ්නය විසඳන්න පුළුවන් රටක් බවට අපි යළිත් ඔප්පු කළා. ඒක අපේ ගොවි ජනතාව ඔප්පු කළා. ඒ නිසාම අපි දිහා බලා හිටි විවිධ රටවල් ශ්‍රී ලංකාව බොහොම ඉක්මනින් යළි ආර්ථිකය පනවගන්වා ගත හැකි රටක් බව ප්‍රකාශ කළා