Spread the love

ඉදිරි ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අනිද්දා දිනයේ විවෘත කිරීමට නියමිතව තිබේ.

පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදි මෙම මෙහෙයුම් කාර්යාලය විවෘත කරයි.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය සඳහා ආසන මට්ටමින් පක්ෂය සූදානම් කරවීම සඳහා මෙම මෙහෙයුම් කාර්යාලය ආරම්භ කිරීමට තීරණය කර තිබෙයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

තම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේද එසේ නැතිනම් වෙනත් අපේක්ෂකයෙකුට සහාය දෙන්නේ දැයි ජනාධිපතිවරණයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන තුරු තීරණය නොකිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.