Spread the love

ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම ස්වර්ග රාජ්‍යයක් කරා තම ආණ්ඩුව යටතේ ගෙන යන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවිර මහතා සඳහන් කරයි.

අද විපක්ෂයට ආණ්ඩුවට විරුද්ධ සටන් පාඨ අහිමිව ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන එන්නේ සතියක්වත් දුවා ගන්නට බැරි සටන් පාඨ බවත් ඔහු කියා සිටී.

විපක්ෂය විසින් එල්ල කරන චෝදනා ජනතාව අළුයම ලූ කෙළෙපිඩක් සේ ඉවත දමා ඇති බවද හෙතෙම කියා සිටියේ කොළඹදී මාධ්‍යවේදීත් අමතමිනි.