Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන තුනක ණය පහසුකෙම් පළමු වාරික ලෙස ඩොලර් මිලියන 333ක් ඉදිරි දින දෙක ඇතුළත මෙරට ලැබීමට නියමිතය.
වසර හතරක් තුළ වාරික වශයෙන් මෙම ඩොලර් බිලියන තුන ලබා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ හා කොන්දේසි ඉටු කිරීමේ පදනම මතයි.
ශ්‍රී ලංකාව මීළඟට ක්‍රියාත්මක කල යුතු ජාත්‍යන්තර මූල්‍ය විසින් පනවන ලද ප‍්‍රධාන කොන්දේසි මෙසේය.

ණය ප්‍රතිව්‍යුහගතකරන සැලසුම අප්‍රේල් මාසය අවසන් වන විට ඉදිරිපත් කළ යුතුය
එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූල දූෂණ විරෝධී නීතියක් හඳුන්වා දිය යුතුය
රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර රජය ඉතා ඉක්මණින් ගත යුතුය
ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලැබෙන ධන බද්දක් අය කිරීම
දේපළ සහ ධන හුවමාරු බද්ද 2025 වන විට හඳුන්වා දීම
2023 වසර අවසන් වන විට උද්ධමනය 12%-18% දක්වා ගෙන ඒමට ඉලක්ක කිරීම
ජූනි මස අග වන විට දැනට පනවා ඇති ආනයන අපනයන සීමා ඉවත් කළ යුතුය
විනිමය අනුපාත නම්‍යශීලීභාවය පවත්වාගෙන යාම
මහබැංකුව වඩා ස්වාධීන කිරීම
ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් හඳුන්වා දීම