එළැඹෙන අප්‍රේල් මස 18වනදා සිට සිරි දළදා දැක්ම’ නමින්පුරා දින 10ක්ට දළදා ප්‍රදර්ශනය ආරම්භකිරීමට කටයුතු යොදා ඇත. එසේ දළදා ප්‍රදර්ශනය සිදු වන්නේ වසර 16 කට පසුවයි.
ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ මහනුවර ජනපති මැදුරේදී අද (02) පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
දළදා ප්‍රදර්ශනය සමාරම්භක දිනයේ පමණක් ප.ව. 3ට ආරම්භකර ප.ව. 5.30ට අවසන් කෙරේ.
ඉන් අනතුරුව 19වනදා සිට 27වනදා දක්වා දහවල් 12 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ අතර දළදා දැක්ම නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සෑම දිනකම රාත්‍රී කාලයේ දන්සල් 2ක් පවත්වන බවත්, එමගින් 30,000කට ආහාර ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් දියවඩන නිලමේවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම මෙවර දළදා දැක්ම වෙනුවෙන් විශේෂ අවසරපත් කිසිවක් නිකුත් නොකිරීමට තීරණය කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මස මහනුවරට ගොස් දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පවසා සිටියේ, එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව විශේෂ දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු කරන බවයි