Spread the love

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අප්‍රේල් මාසය වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

අද (31) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සිදුවෙන අතරතුර අදියර කිහිපයකින් ඇගයීම් කටයුතු සිදුකරන්න පියවර ගෙන තිබෙන අතර

උසස් පෙළ විභායේ අවසන් ප්‍රතිඵල ලබාදීමට මාස 4ක විතර කාලයක් ගතවෙයි. නමුත් ඒක තවදුරටත් අඩුකරගන්න කටයුතු කරන බවද පැවසුවේය.

අප්‍රේල් මාසය වනවිට ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් වෙයි කියලා සිතන බවද පැවසුවේය.