සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ අරමුණින් පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ඉදිරි සතිදෙක ඇතුළත පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. .
අදාළ කොට්ඨාස වෙත නිලධාරීන් අනියුක්ත කිරීම සඳහා පොලිස් කොමිසමෙ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පැවසීය.
මේ වනවිට දකුණ සහ බස්නාහිර පළාත් වල එවැනි කොට්ඨාස පිහිටුවා තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ද එම කොට්ඨාස වල සක්‍රීය දායකත්වයක් ලබා ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථානයය පවසයි.
පාතාල අපරාධ ක්‍රියා සමීපව අධ්‍යනය කර එවා මර්දනය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව පොලීසිය පවසයි.
මේ අතර වෙඩි තැබීම් වැඩිපුර වාර්තා වන ප්‍රදේශ වල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය අනියුක්ත කර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ බුද්ධික මනතුංග මහතා පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් කුඩා කණ්ඩායම් ලෙස හඳුනාගත් පොලිස් ස්ථාන වල ස්ථාන ගත කර ඇතිබව පැවසීය.