Spread the love

නිමල් රාජපක්ෂ

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමේ ජාතික වැඩපිලිවෙල යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඔබේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපල වෙත ‍රැගෙන යෑමේ අරඹමු ජයගමු වැඩසටහන දියත් කර ඇත.

මෙම වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රචලිත කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරීශ්‍රයේදී මේ මස 7 වැනි බදාදා පෙරවරු 9.00 සිට පස්වරු 2 දක්වා පැවැත්වේ. ව්‍යාපාර සංවර්ධනය හා අපනයනය සඳහා සහය වන සියලුම රාජ්‍ය රාජ්‍ය නොවන ආයතන මූල්‍ය ආයතන ඇතුලු ව්‍යාපාර සේවා ආයතන සියල්ල එම දිනයේදී එකට එක්ව තොරතුරු හා සේවා ලබා දීම සිදු කෙරෙනු ඇත.

එහිදී ව්‍යාපාරයක් ආරම්භ කරගැනීම සඳහා අදහසක් ලබා ගැනීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා තොරතුරු ලබා ගැනීම, පවතින ව්‍යාපාරය සංවර්ධනය කරගැනීම සඳහා සහය ලබා ගැනීම හා අපනයන ව්‍යාපාරයක් ආරම්භ කරගැනීම හෝ සංවර්ධනය කරගැනීමද ව්‍යාපාරය කරගෙන යෑමේදී ඇතිවන ගැටලු සඳහා විසඳුම් හා ඒ අදාල සේවා ලබා ගැනීමටද හැකිවේ.

මෙම වැඩසටහනේදී අපනයන ගැනුම්කරුවන් හමුවක්ද පැවැත්වෙන අතර අපනයනය කිරීමට අදහස් කරන භාන්ඩ වල සාම්පල ‍රැගෙන එන ලෙස ද කර්මාන්තකරුවන් ගෙන් ඉල්ලා සිටී. තවද එම කාලය තුළ අපනයන ක්‍රියාවලිය , සහතිකකරණය , ඩිජිටල් අළෙවිකරනය පිලිබඳ දේශනමාලාවක්ද සංවිධනය කර ඇති බැවින් 0332222909 යන දුරකථන අංකයට කථාකොට ලංකා කාර්මික සංවර්ධන මංඩලයේ දිස්ත්‍රික් කාර්යාලයෙන් වැඩි විස්තර ලබා ගත හැකිවෙයි.