Spread the love

තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවම මෙම තීරණයට ඒකමතිකව එළැඹි බවද හෙතෙම කියා සිටියේය.

වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය පළකිරීමට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් සූදානමින් සිටින බවද ඔහු පවසයි.