Spread the love

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කාල සීමාව තුළදී ද පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන “පුරවර උදානය” විනෝද සැණකෙළිය මෙවරත් අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානයේ දී පැවැත්වීමට අනුරාධපුර නගර සභාව සූදානම් කර තිබේ.

කෙසේ වෙතත් විභාග කාල සීමාව තුළදි මෙන්ම විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන පාසල් අසල උද්‍යානයක සංගීත ප්‍රසංග ඇතුළු විනෝද සැණකෙළි පැවැත්වීම නොසුදුසු බව ගුරුවරුන් හා දෙමව්පියන් පෙන්වා දී ඇත.

එම විනෝද සැණකෙළිය එළැඹෙන ජූනි මස 4 වනදා සිට 11 වනදා දක්වා සංගීත ප්‍රසංග සහිතව අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානයේදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා විය.

හරිස්චන්ද්‍ර උද්‍යානය පිහිටා ඇත්තේ විභාග මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා මහ විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඉතා ආසන්නයේය.

ඒ අතරින් විද්‍යාල දෙකකම සිසු නේවාසිකාගාරද පවතින අතර, සාමාන්‍යෙ පෙළ විභාගයට මුහුණදෙන සිසුන් ඒවායේ නේවාසිකවද රැඳි සිටි.