2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්රික්කයෙන් තරඟ වැදීමට අද (10) පස්වරු 12.00 වන විට දේශපාලන පක්ෂ 04 ක් හා එක් ස්වාධීන කණ්ඩායමක් නාමයෝජනා භාර දී තිබිණි.
ඒ අනුව සමඟි ජන බලවේගය, සර්ව ජන බලය, ජන සෙත පෙරමුණ , ජන අරගල සන්ධානය යන පක්ෂ හතර හා එක් ස්වාධීන කණ්ඩායමක් අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති නාමයෝජනා භාර ගන්නා ස්ථානය වෙත නාමයෝජනා පත්ර භාර දීම සිදු කරනු ලැබීය.
සමඟි ජන බලවේගය වෙනුවෙන් එහි අනුරාධපුර දිස්ත්රික් නායක රෝහණ බණ්ඩාර මහතා ඇතුළු අපේක්ෂක කණ්ඩායම අද (10) පෙරවරුවේ නාමයෝජනා පත්ර භාර දීම සිදු කරනු ලැබීය.
සර්ව ජන බලය පක්ෂ වෙනුවෙන් එහි අනුරාධපුර දිස්ත්රික් නායක සරත් කුමාර මුණසිංහ මහතා ඇතුළු පිරිසක් නාමයෝජනා පත්ර භාර දීම සිදු කරනු ලැබීය.
ජනසෙත පෙරමුණ වෙනුවෙන් එහි අනුරාධපුර දිස්ත්රික් කණ්ඩායම් නායක කහටගස්දිගිලියේ සිරිනන්ද හිමියන් ඇතුළු පිරිසක් නාමයෝජනා පත්ර භාර දුන්හ.
ජන අරගල සන්ධානය වෙනුවෙන් එහි අනුරාධපුර දිස්ත්රික් කණ්ඩායම් නායක සංජීව මහේෂ් කුමාර මහතා ඇතුළු පිරිසක් නාමයෝජනා පත්ර භාර දුන්හ.
එන්.ඩී.එල් නිවුන්හැල්ල මහතාගේ නායකත්වයෙන් යුතුව ස්වාධීන කණ්ඩායමක්ද නාමයෝජනා ලබා දී තිබිණි.
