Spread the love

මුල්කිරිගල ගුණරත්න

අනියම් ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් අමුදමන බෝගහ අසලදී විශ්‍රාමික ගුවන් හමුදා සෙබෙලෙකු පිහියකින් ඝාතනය කර ඇතැයි කටුවන පොලිසිය පවසයි .

මෙසේ ඝාතනය කර ඇත්තේ අද (23) අලුයම 12.45 ට පමණකටුවන යසිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ,අමුදමන, උස්වැව ගෙදර පදිංචි සෙනරත්ගේ නවින්ද දේශප්‍රිය නමැති 41 හැවිරිදි විවාහකයෙකි .

.මියගිය අය සැකකරුගේ බිරිඳ සමඟ පවත්වා ගෙන යන අනියම් සම්බන්ධතාවක් මෙම ඝාතනයට හේතුව වී ඇතැයි පොලිසිය පවසයි .

සැකකරු මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත .කටුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ඒ.චන්ද්‍රසේන මහතා ඇතුළු නිලධාරීන් සිද්ධිය පිළිබද වැඩි දුර පරික්ෂණ පවත්වයි. .