Spread the love

රාගම නාරංගොඩපාළුව ප්‍රදේශයේ පුද්ගලයෙකු ට අනියම් සබඳතාවක් හේතුවෙන් හටගත් ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී මෙන් ඝාතනයක් සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින් ඝාතනය සිදුකර ඇති අතර ඔවුන් දෙදෙනා රාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වී ඇත්තේ 42 හැවිරිදි නාරංගොඩපාළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.