Spread the love

අධිකරණ නියෝග කඩකරමින්, සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී විරෝධය දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් අයෙක් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔවුන් දෙදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති අතර, එහිදී අධිකරණය විසින් ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදා හැර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් පසුගිය 27 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබුණු අතර, එහිදී අත්අඩංගුවට ගනු ලැබූ 25 දෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මීට පෙර මුදාහැර තිබුණා.