Spread the love

අධිකරණ නියෝග කඩ කරමින්, සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී විරෝධය දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් අයෙක් ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිිබේ.

එසේම අත්අඩංගුවට ගත් සෙසු පිරිස අද (28) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ (27) සත්‍යග්‍රහයක නිරත වී තිබිණ.